ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසුරියට ඇප මත නිදහස් වී තිබේ.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ (05) මෙම නියෝගය නිකුත් කර තිබූ අතර අද දිනයේ ඇයව ඇප මත නිදහස් කර ඇත.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කල දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඊයේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.