නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම නියෝගය අද (07) නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජයනි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර අද (07) යළි අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නතාෂා එදිරිසූරිය පසුගිය මස 27 වැනිදා අත්අඩංගුවට ගත් අතර බෲනෝ දිවාකර පසුගිය 31වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පසුගිය අප්‍රේල් 01 වැනිදා මෝඩාභිමානය නමින් පැවති වැඩසටහනක දී බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සහ එයට සහාය දීම හේතුවෙන්ය.