සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප ලබා සිටි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෘනෝ දිවාකර එම නඩුවන් නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය

නතා‍ෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමකට සහ එම වැඩසටහන සංවිධානය කිරීම හේතුවෙන් SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකරට විරු​ද්ධව සිංහල ​රාව​ය ඇතුළු සංවිධාන කිහිපයක් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනු කර තිබුණි

කෙසේ නමු​ත්  මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත

​‍