නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයකදී ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේ නරේන්ද්‍ර මෝදි මෙලෙස දිවුරුම් දී ඇත.

දිවුරුම් දීමේ උත්සවය නවදිල්ලි වේලාවෙන් සවස 7.15 ට ආරම්භ වූ අතර අගමැති මෝදි දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන් වේ.

ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත් වුණු මෙම දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වී තිබුණි..

අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්විණ. මැතිවරණයේ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කෙරුණු අතර නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් ජයග්‍රහණය කරමින් බහුතර බලය හිමිකර ගැනීමට සමත් විය.

කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 232ක බලය පමණි.

India's PM Modi set to take oath for third timeIndia's PM Modi set to take oath for third timeIndia's PM Modi set to take oath for third timeIndia's Prime Minister Narendra Modi bows before taking an oath during a swearing-in ceremony at the presidential palace, in New DelhiIndia's PM Modi set to take oath for third timeIndia's PM Modi set to take oath for third timeShah Rukh ModiKangana RanautBangladesh's Prime Minister Sheikh Hasina Modi