දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවකවද​ය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

ඔහු සඳහ​න් ක​ලේ පැය 24 පුරා 076 54 53 454 දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප​ද යොමු කළ හැකියි.

කෙසේ නමුත් 1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.