එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම සහ නවසීලන්තය අතර අද පැවැති තරගයෙන් ලකුණු 99ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායම ආරාධනා කළ අතර ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 322ක් ලබා ගැනීමට සමත් විය.

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 46.3 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223ක් පමණි.

ඒ අනුව ලකුණු 99කින් තරගය ජයගත් නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි ජය වාර්තා කළේය.