නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය මගින් අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව නවසීලන්ත කාන්තා පිල පරාජය කළ කාන්තා එක්දින සංචිතයම තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහාද නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් තීරණය කර ඇත්තේ.

විස්සයි-20 තරගාවලිය අනිද්දා (08) පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

සංචිතය:-

චමරි අතපත්තු – නායක
විශ්මි ගුණරත්න
හර්ෂිත සමරවික්‍රම
නිලක්ෂි ද සිල්වා
කවිෂා දිල්හාරි
අනුෂ්කා සංජීවනී
ඕෂදී රණසිංහ
කාව්‍යා කාවින්දි
සුගන්දිකා කුමාරි
ඉනෝකා රණවීර
උදේශිකා ප්‍රබෝධනී
හංසිමා කරුණාරත්න
ඉනෝෂි ප්‍රනාන්දු
ඉමේෂා දුලානි
හසිනි පෙරේරා