නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර ඇති බව සඳහන්.