නවසීලන්තයේ ස්වදේශිකයන්වන මඕරි (Maori) වාසින්ගේ රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු වයස අවුරුදු 69 දී පසුවූණා

ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ.

Kiingitanga, හෙවත් එරට Maori ව්‍යාපාරය, ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා උදෑසන මෙම පුවත සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔහුගේ රාජාභිෂේකයේ 18 වැනි සංවත්සරය සමරා දින කිහිපයකට පසු රජු හෘද සැත්කමක් සිදු කර ඇති අතර, ඉන් සුවය ලබමින් රෝහල්ගතව සිටින අතරතුරයි මෙලෙස මියගොස් ඇත්තේ.

1955 දී Tūheitia Paki නමින් උපත ලබා ඇති රජු ඔහුගේ මවවන Te Arikinui Dame Te Atairangikaahu ගේ අභාවයෙන් පසුව 2006 දී රජු බවට පත්ව තිබෙනවා.

ඔහුගේ මව මෙන්ම,Tūheitia රජු ද සාමකාමී චරිතයක් ලෙස සලකනු ලැබ ඇති අතර මෑතදී ඔවුන් ඉලක්ක කරගත් නව රජයේ ප්‍රතිපත්ති හමුවේ එකට නැගී සිටින ලෙස මාඕරිවරුන්ට ආරාධනා කර තිබුණා.

Tūheitia රජුගේ අනුප්‍රාප්තිකයා Kiingitanga තුළ සිටින නායකයින් විසින් තෝරා ගනු ලබන අතර ඔහුගේ අවමංගල්‍ය චාරිත්‍ර අවසන් වූ පසු ප්‍රකාශ කිරීමට නියමිතයි.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ රජුගේ දේහය දින පහක් මඕරි රජුගේ ආසනය වන ටුරංගවාවේ මාරේ රාජ්‍යයේ තබා පසුව තවුපිරි කන්දේ තැන්පත් කිරීමට ගෙන යනු ඇති බවයි.