මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා
මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම්කොට තිබෙන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමගයි.
1985 වසරේදී නීතිපති දෙපාර්තුමේන්තුවේ සේවයට එක්වු ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා ඇති අතර 2018 වසරේ මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වු ඇය 2024 වසරේ ඔක්තෝබර් 10 වන දා වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබුවා.
ඒ අනුව මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වන්නේ අඟවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙසයි.