නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් දිවුරුම් දී ඇත.

ඒ අනුව, උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ, සෙන්දිල් තොණ්ඩමාන් මහතා ය.

එමෙන්ම ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.