පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් නව කම්කරු නීති පනත් කෙටුම්පත් හඳුන්වා දීමට නියමිත බවත්, එම පනත් කෙටුම්පත සඳහා මේ වන විටත් යෝජනාවලියක් සකස් කර ඇති බවත් මනූශ නානායක්කාර මහතා කම්කරු අමාත්‍යාංශයේ උත්සවයකට එක් වෙමින් ප්‍රකාශ කලා

ඒ අනුව නව කම්කරු පනත් කෙටුම්පත මගින්,
සේවකයින් සේවයට බඳවා ගැනීමේ දී හා සේවා ස්ථානයේ දී වෙනස් කොට සැලකීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්, සෑම සේවකයෙකුටම සමාන විධිවිධාන ඇති කරන බවත්, මෙමගින් රැකියා ස්ථානයේ සියලු ආකාරයේ හිංසනයන් හා ලිංගික හිංසනයන් වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්, සේවකයන්ගේ කැමත්ත අනුව දින 5ක සතියක් හා නම්‍යශීලී වැඩකරන වෙලාවක් හඳුන්වා දෙන අතර අමතර රැකියාවල නිරතවීමට නීතිමය ප්‍රතිපාදන ඇති කරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන්ට රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීති ලිහිල් කරන බවත්, පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ඇති කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලා

කඩිනමින් කම්කරු පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ අතර අදහස් හා චෝදනා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා

 

Sasindu Sahan Tharaka