අද (03) රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තු මන්ත්රීධූරයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ මුහම්මදු සාලි නලීම් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඡන්ද 87,038 ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්රී ධූර දෙකක් හිමි විය.එමෙන්ම ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයක්ද හිමිවිය.