තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 25වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 අවසන් තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් විය. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේම ගයන්තිකා අබේරත්න සමත්වුණා.

තරුෂි විනාඩි 02.00.66කින් තරගය් අවසන් කළ අතර, එය මෙම තරගාවලියේ මෙම ඉසව්වේ නව වාර්තාවක්ද වේ. මීට පෙර මෙම වාර්තාව හිමි කරගෙන සිටියේ විනාඩි 02.01.16ක් වාර්තා කරමින් චීනයේ ජියැන් ශැන්ග් ක්‍රීඩිකාවයි.

තරුෂි වාර්තා කළ කාලය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද ඉතිහාසයට එක්වන අතර, එය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද වේ

මීට පෙර ශ්‍රී ලංකා ජාතික වාර්තාව පිහිටුවා තිබුණේද තරුෂි වන අතර, ඇය කිහිපවරක්ම තමාගේම වාර්තාව බිඳ හෙළීම විශේෂත්වයකි.

මේ අතර මෙම තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් ගයන්තිකා විනාඩි 02.03.25කින් තරගය අවසන් කළාය.