2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වුණු අතර, දෙවන මනාප ගණනයේ දී ලබාගත් වැඩි ජන්ද ප්‍රතිශතයෙන් පසු ඔහු මෙලෙස ජයග්‍රහනය කරනු ලැබුවා.

ඒ අනුව අනුර කුමාර මහතා හෙට (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූර​යේ දිවුරුම් දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට දෙවන මනාපය ගණන් කිරීම මෙම මැතිවරණයේදී සිදුවිය.

ඒ අනු​ව 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

සම්පූර්ණ ජන්ද ප්‍රතිඵල මෙතනි​න්