2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදු කෙරුණි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවයි.

නාමයෝජනා භාරගැනීම අද පෙ.ව 9ට ආරම්භ කළ අතර පෙ.ව 11ට නාමයෝජනා භාරගැනීම අවසන් විය.