කණ්ඩායමේ නායකයා හැටියට තමන් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටි කණ්ඩායම තමාට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසයි.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා දිවයිනෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“නායකයා විදිහට මම සිලෙක්ටර්ස්ලාගෙන් ඉල්ල​පු කණ්ඩායම මට ඒ විදිහට​ම ලැබු​නා. ඇත්තටම ඒගොල්ලොන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන මට ඒ කන්ඩායම ලබා දීපු එක ගැන. නායකය විදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩ සතුටින් මේ වර්ල්​ඩ් කප් එකට යන්​න ලෑස්තියි.

නායකයෙක් විදිහට මන් මේ කණ්ඩාය​ම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ. මොකද අපේ ක්‍රීඩකයන් ඉතා හොදින් දක්සක්ම් දක්වල තියෙනවා පහුගිය තරඟාවලි තුනේ.. ඉතිම් අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ​මේ වස​රේ අපට මේ දේ කරන්න් අපුලුවන් කියලා.” බවයි.