දිස්ත්‍රික්ක හතක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත.

ඒ අනුව අද (15) සවස 3.00 දක්වා හම්බන්තොට ,බදුල්ල ,කුරුණෑගල ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇත.