ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සහභාගි වන නැගී එන කණ්ඩායම්හි ආසියානු කුසලානය පස්වැනි වරට ජූලි 13වැනිදා සිට ජූලි 23වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ආසියානු කණ්ඩායම් 08ක් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

එම කණ්ඩායම් 08, කාණ්ඩායම් 04 බැගින් කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වීමට නියමිතය.

A කාණ්ඩය: ඉන්දියා A, පාකිස්තාන A, UAE A, නේපාලය

B කාණ්ඩය: ශ්‍රී ලංකා A, බංග්ලාදේශ A, ඇෆ්ගනිස්ථාන A, ඔ්මාන A

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ සංචිතය මෙතෙක් නම් කර නොමැත. තරගාවලිය සඳහා ඉන්දීය A සංචිතය නම් කර ඇති අතර, එහි නායකත්වය 2022 වසරේ 19න් පහළ ලෝක කුසලානය දිනූ නායක Yash Dhullට හිමිව තිබේ.