කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, නවීනතම දොඹකර 06 ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන බවය.

මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් 80% ක් පමණ අවසන් වී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් අමෙරිකා ඩොලර් මිලියන 825 කි.

නැගෙනහිර පර්යෙන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 20 ක් බව ලේකම්වරයා සඳහන් කර තිබේ.