නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 18වැනිදා ආරම්භ කිරීමට නියමිතය. තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් සහභාගි වන අතර එම කණ්ඩායම් කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල සහ යාපනය ලෙසින් නම් කර ඇත.

මෙම තරගාවලියේ තරග කොළඹ එස්.එස්.සී., කොළඹ ආර්. ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ, රංගිරි දඹුල්ල සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරගාවලියේ පළමු කාර්තුවේ තරග පෙබරවාරි මස 18වැනිදා දක්වා පැවැත්වෙන් අතර දෙවැනි කාර්තුවේ තරග මාර්තු 14වැනිදා සිට පැවැත්වීමට නියමිතය.