අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක චෞර සභාපතිවරයෙක් හා චෞර ලේකම්වරයෙක් ලෙස හදුන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ(22) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් යැයි පැවසුවද මෙතෙක් එය මැතිවරණ කොමිසම් සභාව විසින් පිළිගත් කිසිඳු ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බව එම පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එහිදී නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායකට දයාසිරි ජයසේකර විසින් අභියෝගයක්ද ඉදිරිපත් කරමින් පවසා සිටියේ ශ්‍රී.ල.නි.ප.යේ අදාළ තනතුරු දරන බවට මැතිවරණ කොමිසමෙන් ලිපියක් ලබා දී ඇත්නම් එය ප්‍රසිද්ධියේ පෙන්වන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තමන්ව පිළිගත් බවත්, එය තමන්ට ලොකු ශක්තියක් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියි.

තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ,

”නිමල් සිරිපාල සිල්වා පාර්ශවයේ ඉදගෙන අත උස්සන වතාවක් පාසා මේ පක්ෂය තව තවත් විනාසයට පත්වෙන එක සිද්ධ වෙනව කියන එක මා ඔබට අවධාරණයෙන් කියනවා.ඒ නිසා අපි කියනවා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයා විදියට මම අරගෙන යන මෙම ක්‍රියාදාමයට සහය දෙන්න කියලා මම ඉල්ලනවා.උසාවියෙන් දුන්න තීන්දු අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරලා තියනවා.මැතිවරණ කොමිසමෙන් ඉතාම ඉක්මනින් ඒ සම්බන්ධ තීන්දුවක් දෙයි කියලා අපි විශ්වාස කරනවා.මේ ක්‍රියාවලියේ අපි ඉදිරියට යා යුතුයි.අපේ පාක්ෂිකයින්ගේ හා පක්ෂයෙන් මම ඉල්ලනවා කිසිවිටක දයාසිරි ජයසේකර යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස වෙන්න ඉඩ තියන්නේ නැහැ.අපි පක්ෂය ගොඩ නඟන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා.”