රාජ්‍ය සේවක ඇතුළු නිශ්චිත වැටුප් ලබන සියලු දෙනා සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.
බඩු මිල, පොලී අනුපාත සහ බදු වැඩිවීම්වලදී නිශ්චිත ආදයමක් ලබන පිරිස් අසීරුතාවන්වලට පත්වන බවත් රජය ඒ සම්බන්ධයෙන් තේරුම්ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ
ඒ අනුව රජයට අවස්ථාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.