හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු අද (සැප්. 21) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.