”මෙහි පිරමීඩ යෝජනා ක්‍රම විදිහට විසි දෙකක් හඳුනගෙන තියෙනවා. ඒ වගේම වැඩිදුර විමර්ශන සඳහා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. ඒ අපි හඳුනාගත්තා විතරයි. ඉතා විශාල ප්‍රමාණයක් මේ මොහොතේත් මේ භූමිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. පනහකට අධිකයි කියලා කිව්වොත් හරි. මූලික විමර්ශන කටයුතු සිද්ධ කරන්න අපිට ලැබිලා තියෙනවා පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක්.”එමෙන්ම මෙම වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු යසිනි රාජපක්ෂ මහත්මිය පැවසුවේ පිරමීඩ ක්‍රමයේදී අවසාන පාරිභෝගිකයෙක් හඳුනාගත නොහැකි බවත් මෙම ක්‍රමයේදී අලෙවියෙන් පසු සේවාවක් නොලැබෙන බවත්ය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු යසිනි රාජපක්ෂ,
”පිරමීඩ ක්‍රමවලින් පොරොන්දු වන ප්‍රතිලාභය ඇත්තටම යතාර්තවාදී නොවන ප්‍රතිලාභයක්. ඒ කියන්නේ විශ්වාස කරන්න අපිට අමාරුයි. උදාහරණයක් විදියට කියනවා නම් අපි ආයෝජනය කරන මුදල මේ පිරමීඩ ක්‍රමයෙන් කියනවා ඉතාමත් කෙටි කාලයකදී දෙගුණ තෙගුණ ඔබට ලබා දෙනවා කියලා. භාණ්ඩ විකිණීමේ ක්‍රමයකට භාණ්ඩයක් මිලදී අරගෙන මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට පිරමීඩ ක්‍රමයේදී අවසාන පාරිභෝගිකයෙක් හඳුනාගන්න නැහැ. පිරමීඩ ක්‍රමයේදී අලෙවියෙන් පසු සේවාවක් ඇත්තටම ලැබෙන්නේ නැහැ.”
