නීති විරෝධී ලෙස සඟවා තබාගෙන ඇති සීනිතොග සිය භාරයට ගෙන පාලන මිල යටතේ ජනතාවට බෙදා දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයතු පිළිබඳව අධිකාරිය පවසා ඇත.

එම අධිකාරිය පැවසූවේ, පාරිභෝගික පනත යටතේ එම අධිකාරියට ප්‍රතිපාදන පවතින බවය.

ඒ අනුව සීනිතොග සඟවා ඇති ස්ථාන සොයාගැනීමට දීපව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.