ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආබාධයකට ලක් වී තිබෙනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල නිරත වන අවස්ථාවේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව සඳහන්.

ආබාධය හේතුවෙන් ඉන්දීයාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය නුවන් තුෂාරට අහිමි වනු ඇති.

ඔහුගේ ආදේශකය ලෙස ඩිල්ෂාන් මධුෂංඛ කැඳවීමට සැලැසුම් කර ඇති බව ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වලින් සදහන්