අද මහනුව​ර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර යම් නොසන්සුන්කාරි තත්ත්වයක් උද්ගතව ඇතිබව වාර්තා වේ. ​ඒ පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙනි..

එම අවස්ථාවේ දී පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් කලබල වෙමින් හිස් ලු අත දිවයමින් තම ජීවිත බේරාගැණිමට කටයුතු කොට ඇති අතර එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේ දී වැවට පැනීම හේතුවෙන් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගැනිමට කටයුතු කො​ට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසෙ නමු​ත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ අනතුරු සිදු වි නැති අත​ර කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර ඇති බව වාර්​තා වෙනවා. ​

 

සිද්ධියට අදාල වීඩියෝව සමාජ මාධ්‍යයෙ සංසරණය වූවකි.