අද (11) දින අලුයම 5 ට පමණ නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා විනෝද චාරිකාවක් යන පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් නුවරඑළිය, ලබුකැලේ, ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට ලක්ව තිබෙනවා .

ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහළ මාර්ගයේ සිට පහළ මාර්ගයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බව සදහන්

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර , තුවාලකරුවන් ප්‍රදේශවාසීන් සහ නුවරඑළිය පොලීසියේ නිලධාරින් එක්ව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර, තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ අස්ථි බිඳී ඇති බවද රෝහලේ සේවකයෙකු පැවසිය.