හිස්බුල්ලා සටන්කාමීන් පාලනය නොකළහොත් ලෙබනනය ද ගාසා තීරයක් වනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තර්ජනාත්මකව අනතුරු අගවා ඇත.

යුද්ධය අවසන් කරමින් තමන්ගේ රට බේරා ගැනීමට නම් හිස්බුල්ලා සංවිධානය ලෙබනනයෙන් පලවා හැරිය යුතු බවත්, හිස්බුල්ලා සාමාජිකයින් ආරක්ෂා කිරීමෙන් වළකින ලෙසත් ලෙබනන ජනතාව වෙත වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් ඔහු කියා ඇත.

මේ අතර හිස්බුල්ලාට සංවිධානයට එරෙහි ප්‍රහාර සදහා, ඊශ්‍රායල හමුදා සෙබලු‍න් දහසක් නිරිතදිග ලෙබනනයට යොමු කර ඇති බවත්, හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානීන් ඇතුළු විවිධ ස්ථාන ඉලක්ක කරගෙන ඊශ්‍රායලය අඛණ්ඩව ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර එල්ලකරමින් සිටින බවත් විදෙස් වාර්තා සඳහන් කර ඇත.

මේ අතර හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයා වීමට නියමිතව සිටි හෂීම් ෂෆායිඩීන් ඝාතනය කළ බව අගමැති නෙතන්යාහු පවසා ඇති නමුත් හිස්බුල්ලා සංවිධානය තවමත් මේ බව තහවුරු කර නොමැත.