නේපාලයේ කත්මන්ඩු අගනුවර Saurya Airlines යානය ගුවන් ගත කිරීමේදී යානය කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන Pokhara වෙත නඩත්තු කටයුතු සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි

මිය ගිය පිරිස ගුවන් සමාගමේ තාක්ෂණික කාර්ය මණ්ඩලය බව සඳහන්.

අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ වලට අනුව ගුවන්ගත වීමේදී යානය හදිසියේම පෙරළී ගොස් එහි පියාපත් තුඩ බිම වැදී ගින්නක් හටගන්නා අයුරු දක්නට ලැබේ.

අනතුර සම්බන්ධයෙන් කත්මන්ඩු පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, අනතුරින් ගුවන් නියමුවා හිසට තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.