නේපාලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා

කත්මන්ඩු නුවරදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ අදාළ යානයේ ගුවන් නියමුවා ඇතුළු එහි සිටි මගීන් සිව්දෙනෙක් බවත් මගීන් සිව්දෙනා චීන ජාතිකයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

කෙසේ වෙතත් අදාළ යානය කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.