බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර් 2024 වසරේ පැවැත්වෙන කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියට ක්‍රීඩා නොකරන බව බ්‍රසීල පාපන්දු කණ්ඩායම පවසයි. ඒ ඔහුගේ දණහිසේ ආබාධය තවදුරටත් සුවනොවීම හේතුවෙනි.

කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලිය එළඹෙන වසරේ ජුනි මස 20වැනිදා සිට ජූලි මස 14වැනිදා දක්වා ඇමෙරිකාවේදී පැවැත්වේ.

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් උරුගුවේ කණ්ඩායමට එරෙහිව පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති තරගයකදී නේමාර් ආබාධයකට ලක් විය.