සිංගප්පූරුවේදී පැවැත්වෙන නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය අනිද්දා (22දා) සිට 28දා දක්වා පැවැත්වේ.

තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය කැනඩාවට එරෙහිව අනිද්දා පැවැත්වෙන අතර, දෙවැනි තරගය සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායම සමග 23වැනිදා පැවැත්වේ. තෙවැනි තරගය 24වැනිදා කුක් අයිලන්ඩ් සමගද සිව්වැනි තරගය 25වැනිදා පැපුවානිව්ගීනියාව සමගද පස්වැනි තරගය 27වැනිදා සිංගප්පූරු ජාතික කණ්ඩායම සමගද තරග කිරීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහා තරගය 28වැනිදා පැවැත්වේ.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දුලංගි වන්නිතිලක – නායිකාව

භාෂිනී යෝෂිතා ද සිල්වා – උපනායිකාව

ගයන්ජලී අමරවංශ

රෂ්මි දිව්‍යාංජලී පෙරේරා

ඉමාෂා සංකල්පනී පෙරේරා

ශලනී රුක්ෂලා හපුආරච්චි

සචිනි හිරුණිකා රොද්‍රිගෝ

චලනි නදීශා

හංසිමා සපුමාලි දිසානායක

සුසීමා කුමාරි බණ්ඩාර

කසුනිකා සේමිනි අල්විස්

චනිදු රෂ්මි ඔබේසේකර

අතිරේක ක්‍රීඩිකාවන්

ශානිකා මධුෂානී පෙරේරා

ගයාත්‍රී කෞෂල්‍යා වීරසූරිය

සජලි අප්නා

නාලිකා ප්‍රසාදි – පුහුණුකාරිනී