නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් නමුත් කඩිනමින් ජාතික පද්ධතියට එක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත.

ජල විදුලි උත්පාදනය අවශ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීම තුළ මෙම තීරණය ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කර ඇත.

නොරොචෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රය ජාතික පද්ධතියට එක් කරන්නේ නම් ඒ සඳහා භාවිත වන ගල් අඟුරු සඳහා අමතර දැරීමට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, නොරොචෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඕනෑම අවස්ථාවක ජාතික පද්ධතියට එක් කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බවය.