නොරොච්චෝල ලක්විජය බලාගාරයේ තුන් වන ජනන යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර අද (11) ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දීමට කටයුතු කරමින් සිටින බව මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත පවසා ඇත.

ක්‍රියාත්මක වෙමින් පැවති පළමු ජනන යන්ත්‍රය ද ඉකුත්දා (09) රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නැවතී යාමෙන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී තිබේ.

නොරොච්චෝල බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය නැවතී ගියද මේ වන විට ජලවිදුලි බලාගාර ආශ්‍රිතව පවතින ජල මට්ටම අනුව විදුලි පාරිභෝගිකයින් අපහසුතාවන්ට පත් නොකර විදුලිය ලබා දීමට හැකිව ඇති බව ද ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර ඇත.