මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙම​ළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබා දෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරයි.

නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල පාසල්වලට නිවාඩු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පළාත්වල පාසල් නොවැම්බර් මස 9 වනදා අතිරේක පාසල් දිනයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් තවදුරටත් පවසා සිටියි.