ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා ඊයේ (30දා) උතුරේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර හමුවක්ද පවත්වා ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා ඇති මෙම හමුවේදී, උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය මෙන්ම ආපදා කළමණාකණ කටයුතු පිළිබඳවද සාකච්ඡා කළ බව සඳහන්.