ක්‍රීකට් තරගයක පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය හෙට සිට අත්හදා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර හෙට අලුයම ආරම්භ වන විස්සයි20 තරගාවලියේ සිට මෙම නීතිය අත්හදා බැලීමට පියවර ගෙන ඇත.

මෙම නව නීතියට අනුව පන්දුවාරයක් අවසන් වී තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට අනෙක් පන්දු යවන්නා සූදානම් විය යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වන තෙවැනි අවස්ථාවේදී ප්‍රතිවාදී කණ්ඩායමට දඬුවම් ලකුණු 05ක් ලබා දීම සිදු වෙයි.

මෙම නීතිය හෙට සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා දළ වශයෙන් තරග 59කදී අත්හදා බැලීමට නියමිතය