ඊයේ (31) වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් පිරිසක් පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරලමින් පයාගල ප්‍රදේශයේ රැඳී සිටි මෙම චීන ජාතික විදේශීය පිරිස අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිට තිබෙනවා

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස් වල පසුවන අතර සැකකාරිය 48 හැවිරිදි වියේ පසුවෙයි.

මේ පිළිබද පයාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.