පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ.
මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුවට යෑම සඳහා එම අවසරය ලබා දී ඇති අතර ඒ අනුව ජූලි මස 1 වන දින සිට සැප්තැම්බර් මස 12 දක්වා කාලය තුළ විදෙස්ගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද අවසර ලබාදුනි.
අමල් පෙරේරා, ආචාර්ය නාමල් පෙරේරා බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවන් විසින් අදාළ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දෙන ලෙසට නියෝග කළහ.