ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන 05ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර තිබේ. ඒ පර්සි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා සහයෝගය දැක්වීමක් වශයෙනි.

පර්සි මහතාගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ප්‍රදානය සිදු කර ඇත.