පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි

පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆාට ඔහුගේ රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවයි.

ඔක්තෝබර් 07වෙනිදා ඊශ්‍රායල ඉලක්කර හමාස් සාමාජිකයින් එල්ලකළ ප්‍රහාරයෙන් අනතුරුව මුස්ටාෆා ව අත්අඩංගුවට ගැනුණු අතර
පසුගිය මාස 10 තුළ පලස්තීන ජාතිකයින් 18 දෙනෙක් ඊශ්‍රායල හමුදා භාරයේ සිටියදී මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි.