මහගංගොඩ, අලුත්වල ප්‍රදේශයේ අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා එම වෙළෙඳසැලේ සිට තනිවම නිවසට ගොස් ඇත.

දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සොයාබැලීමේ දී නිවස පිටුපස වගාබිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක

දරුවා දියේ ගිලී සිටිය දී ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බව සදහන් .

සිද්ධිය සම්බන්ධයෙන් බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.