මේ වසරේ ජූනි මස සිට මේ දක්වා ළමා අපයෝජන 4380ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වී ඇතැයි කාන්තා ළමා කටයුතු සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ඇය මේ බව අනාවරණය කර ඇත.

1938 කාන්තා උපකාරක දුරකතන සේවයට වාර්තා වී ඇති කාන්තා හිංසන පැමිණිලි සංඛ්‍යාව ජූනි සිට මේ දක්වා 1206ක් බව ගීතා කුමාරසිංහ සඳහන් කලේය.

ඒ අනුව, 2019 ළමා අපයෝජන 8,558ක් සහ දුරකතන පැමිණිලි 1,806ක් ද 2020 වසරේ ළමා අපයෝජන 8,165ක් හා දුරකතන පැමිණිලි 3,771ක් ද 2021 වසරේ අපයෝජන 11,187ක් ද දුරකතන පැමිණිලි 4,976ක් ද 2022 වසරේ අපයෝජන 10,497ක් ද දුරකතන පැමිණිලි 2,539ක් ද 2023 වසරේ අපයෝජන 9,673ක් සහ දුරකතන පැමිණිලි 2,990ක් වාර්තා වී ඇති බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

එමෙන්ම, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත පද්ධතියට අනුව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව දෙදහස් විසිතුන වසරේ 430ක් ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති පැමිණිලි ප්‍රමාණය 2024 ජනවාරි 1 සිට ජූනි 30 දක්වා 86ක් බව ද කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.