ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලු දේශීය තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි තවකාලිකව නැවැත්වීමට පියවර ගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන පළාත් තරග, දිස්ත්‍රික් තරග, ප්‍රිමියර් ලීග් තරග, මේජර් ලීග් තරග ඇතුළු පළමු පෙළ සියලු තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ඇත්තේ.

මෙම තරගාවලි සම්බන්ධයෙන් පවතින ගැටලු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා‌ තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මේ වනවිට සියලු අංශ දැනුම්වත් කර ඇති බව වාර්තා වේ.

මේජර් ලීග් 03 දින තරගාවලිය මේ දිනවල ක්‍රියාත්මක අතර, අද දිනයේත් තරග කිහිපයක් ආරම්භවීමට නියමිතව තිබූ පසුබිමකයි මෙම තීරණය ගෙන ඇත්තේ.