මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21) ආරම්භ වේ.

කුඹල් පෙරහැර ලබන 25 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙනු ඇති.

අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු පෙරහැර අවසන් වේ.

පසුව ජනාධිපතිවරයා වෙත පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බවට දියවඩන නිලමේවරයා සංදේශයක් මඟින් දැනුම්දෙනු ඇත.