පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වූ මූලික වටයේ පළමු තරගයෙන් ජයගැනීමට පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න සමත්වුණා

ඒ මීටර් 100 පසුපස ආර තරග ඉසව්ව විනාඩි එකයි තත්ත්පර 04යි දශම 26ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින්.

එම තරගය පළමුවැන්නා ලෙස ජයගත්තද ඇයට මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ක්‍රීඩිකාවන් 36 දෙනෙක් මූලික වටයේ තරග 05ක් යටතේ මෙම තරග ඉසව්ව සඳහා ඉදිරිපත් වූ අතර එහිදී ගංගාට හිමි වුණේ 31 වන ස්ථානයයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 පසුපස ආර තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙක් සුදුකම් ලබාගත්තා.