පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිලි 9ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (06) දිනය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළ අතර බැණ තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මතුගම, බදුරලිය, අලුත්ගම ,කළුතර දකුණ, මුල්ලේරියාව,කැලණිය සහ රාගම යන පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදි පෙළපාළි පැවැත්විම, ජල ව්‍යාපෘතියක් මඟින් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම, දන්සල් පැවැත්වීම, නීති විරෝධි ලෙස පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය යනාදිය සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බවයි.