මැයි 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත
වේ.
හෙටින් පසු එළැඹෙන නිහඬ කාලයේදී කිසිදු අපේක්ෂකයෙකුට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමි නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්රත්නායක කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
එසේම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද සභාපතිවරයා එහිදී පැහැදිළි කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක්ද මැතිවරණ කොමිසම නිකුත් කර ඇත.
පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට අපේක්ෂකයින් 38 දෙනෙකු සහ ආධාරකරුවන් 168 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහිදී පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 36 කි.
ඡන්ද විමසීමට අදාළව අපරාධමය පැමිණිලි 101ක් මෙන්ම නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 388 ක් ද පොලිසියට වාර්තා වී තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද දායකයින්ට බෙදාදීම සදහා මන්නාරම – අඩම්පන් ප්‍රදේශයේ නිවසක සගවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
එහිදී ප්ලාස්ටික් පැදුරු සහ ඇඳ ඇතිරිලි 1400 බැගින් සොයාගත් බව පොලිසිය පැවසුවේය.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පූර්ව මැතිවරණ කාලය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයින්ද අදහස් පළ කර ඇත.
